2025 අප්‍රේල් මස 18 ප.ව. 09:06 - {{hitsCtrl.values.hits}}
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ 2018 සමස්ත ලංකා සංගීත තරගාවලියේ කනිෂ්ඨ අංශයේ ඒකල හාර්මෝනියම් ගී අනුවාදන තරගයට ඉදිරිපත්වූ බදුල්ල හම්බාවෙල ශ්‍රී සුමංගල විද්‍යාලයේ නවවැනි වසරේ ඉගෙනුම ලබන කේ. කවිඳු ශිෂ්‍යයා එම තරගාවලියේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.
බදුල්ල හම්බාවෙල ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්ලිව් එම් ලසිකා ප්‍රියදර්ශනී මහත්මිය ගේ උපදෙස් හා මග පෙන්වීම මත විද්‍යාලයේ සංගීත ආචාර්ය සුජිත් බණ්ඩාර මහතා ඔහුව තරගාවලිය සඳහා පුහුණු කර ඇත.
කවිඳු ලද ජයග්‍රහණය වෙනුවෙන් විද්‍යාලයේදී විශේෂ උපහාර උත්සවයක්ද පැවැත්වුණි.
(වියලුව වාර්තාකරැ නිශාන්ත කුමාර)
![]() |
diary Read more... |