හාලිඇළ ඩෙන්සිල් කොබ්බෑකඩුව විදුහලේ පරිගණක මධ්‍යස්ථානය සිසු අයිතියට

2025 අප්‍රේල් මස 19 ප.ව. 04:22 - {{hitsCtrl.values.hits}}  

හාලිඇළ බ/ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහ විදුහලේ සිසු සිසුවියන්ගේ පරිගණක තාක්ෂණ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ස්ථාපිත කෙරැණු අංග සම්පූර්ණ නව පාසල් පරිගණක ඒකකය පසුගියදා සිසු අයිතියට පත්කෙරැණි.
විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රුකියා අමාත්‍යාංශයේ ප්‍ර‍තිපාදන මත නවීන පරිගණක යන්ත්‍ර‍ කට්ටල 10 ක්, පරිගණක මේස හා පුටු, මල්ටිමීඩියා යන්ත්‍ර‍යක් හා තිරයක්, ස්කෑන් යන්ත්‍ර‍යක්, මුද්‍ර‍ණ යන්ත්‍ර‍යක් හා අන්තර්ජාල පහසුකම් ඇතුළු පහසුකම් රුසකින් සමන්විතය.     නව පරිගණක ඒකකය විවෘත කිරීමට  ඌව පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර, විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රුකියා අමාත්‍යංශයේ  මාධ්‍ය ලේකම් අතුල ජයලත්, බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් රණසිංහ යන මහත්වරැ සහභාගි වූහ.  
 විදුහලේ විදුහල්පති ඩී.එම්.පී.දිසානායක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් මෙම උලෙළ සංවිධානය කර තිබුණි. 


( සටහන හා සේයාරෑ හාලිඇළ- විජේරත්න රත්නායක )

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...