හැටන් ගේබ්‍රියල් බාලිකාවට  තෙමහල් ගොඩනැගිල්ලක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 09:43 - {{hitsCtrl.values.hits}}  

හැටන් ශාන්ත ගේබ්‍රියල් බාලිකා විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා අතින් පසුගියදාසිදුකෙරිණි.

මහා ඇමතිවරයාගේ ඉල්ලීමක් පරිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අධ්‍යාපන තත්ත්වය ඉහළනැංවීම සඳහා පාසල්වල යටිතල පහසුකම් නංවාලීමේ වැඩසටහන යටතේ වෙන්කර ඇති ප්‍රතිපාදනවලින් පළමු අදියර යටතේ පළමුවන මහළ ඉදිකිරීමට මිලියන 09ක මුදල් ප්‍රතිපාදන ලබාදී තිබේ. තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා සම්පූර්ණයෙන් රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන මේ සඳහා වෙන්කර තිබේ. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍ය එස්.රමේෂ්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මස්කෙළිය ආසනයේ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්.ජී. රණසිංහ මහත්වරුද සහභාගී වූහ.

DSC00484 DSC00485 DSC00493 DSC00497 DSC00505 DSC00506 Untitled-1

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...