හැටන් ශා/ගේබ්‍රියල් බාලිකාවෙන් සිත් රෑ

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:43 - {{hitsCtrl.values.hits}}  

හැටන්  ශා/ගේබ්‍රියල් බාලිකා විද්‍යාලය මගින් සංවිධානය කරන ලද සිත් රෑ චිත්‍ර ප්‍රදර්ශනය හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පි. ශ්‍රිධරන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේදි පැවැත්වුණි.
එම විද්‍යාලයේ විදුහල්පතිනි දයා වීරතුංග මහත්මියගේ උපදෙස් මත විද්‍යාලයේ චිත්‍ර විෂය භාර ගුරැවරයා වන අමිත් දළුවත්ත මහතා විසින් මෙම චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කරන ලදී.
මෙම චිත්‍ර ප්‍රදර්ශනය සඳහා එම විද්‍යාලයේ සිසුවියන් මෙන්ම හැටන් අධ්‍යාපන කලාපයේ හැටන් ශ්‍රිපාද විද්‍යාලය, ලක්ෂපාන විද්‍යාලය, කොත්තැල්ලෙන විද්‍යාලය යන විදුහල්වල සිසුහු චිත්‍ර ඉදිරිපත් කළහ. මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන ලද චිත්‍ර අතරින් හොඳම චිත්‍ර තෝරා එම සිසුන්ට සහතික පත් ප්‍රදානය කිරීමටද පියවර ගෙන තිබුණි.
(හැටන්  සුදත් එච්. එම්. හේවා)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...