2025 අප්‍රේල් මස 18 ප.ව. 09:08 - {{hitsCtrl.values.hits}}
විජය ළමා පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් බස්නාහිර පළාත් මහ නගර සංවර්ධන අමාත්‍යාංශයේ දායකත්වයෙන් සංවිධානය කෙරෙන අරැණැල්ලක ප්‍රභාශ්වර පරිසර හා චර්යා සංවර්ධන තෙදින කඳවුරැ මාලාවේ තවත් එක් කඳවුරක් කැලණිය හුණුපිටිය ප්‍රාථමික විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි. මෙවර ද ශිෂ්‍යනායක නායිකාවෝ 50 කට ආසන්න පිරිසක් කඳවුරට සහභාගි වූහ.
මෙම අවස්ථාවට මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජයවිලාල් ප්‍රනාන්දු, සමාජ විශේෂඥ නිමල් ප්‍රේමතිලක, විදුහලේ විදුහල්පති කේ.ඩී.ඒ.සී.විජේගුණරත්න යන මහත්ම මහත්මීහු රුසක් සහභාගි වූහ.
මෙවර කඳවුර නායකත්ව පුහුණු උපදේශක ජයසිරි කාරියවසම් මහතා මෙහෙයවීය. මෙවැනි කඳවුරක් ඔබේ පාසලටත් ලබා ගැනීමට අවශ්‍ය නම් විජය පුවත්පතින් විමසා තොරතුරැ දැනගත හැකිය.
![]() |
diary Read more... |