හෙට්ටිමුල්ල බාලදක්ෂයෝ අපූර්ව පින්කමක

2025 අප්‍රේල් මස 20 ප.ව. 05:45 - {{hitsCtrl.values.hits}}  

කෑගල්ල හෙට්ටිමුල්ල නව මහා විද්‍යාලයේ බාලදක්‍ෂ කණ්ඩායම විසින් ඉකුත් 06 දා හෙට්ටිමුල්ල තැපැල් කාර්යාලයේ මාසික මහජන ආධාර වයෝවෘද්ධ මවුපියන්හට තේ පැන් සංග‍්‍රහයක් ලබාදීමට කටයුතු කර තිබුණි. 
හෙට්ටිමුල්ල තැපැල් කාර්යාලයෙන් මාසිකව මහජන ආධාර ලබාගන්නා බවත් සෑම මසකම ඔවුන්හට ප‍්‍රදේශයේ ධානපතීන් විසින් තේ පැන් සංග‍්‍රහයක් ලබාදෙන බවද තැපැල් ස්ථානාධිපති ඩබ්.පී. ලියනගේ මහතා පැවසීය. පෙබරවාරි මස තේ පැන් සංග‍්‍රහය ලබාදීමට හෙට්ටිමුල්ල නව මහා විද්‍යාලයේ බාලදක්‍ෂයින් ඉදිරිපත්ව කටයුතු කර තිබූණි. බාලදක්‍ෂයින් පළමුව බිස්කට්, කෙසෙල් ගෙඩි කෑමට ලබාදී පසුව වටිනා කොළ කැඳ  වීදුරුවක් ලබාදීමට ද කටයුතු කර තිබුණි. කොළ කැඳ වීදුරුව පානය කළ මවුපියන් එය අගය කළ අතර හොඳින් අධ්‍යාපනය ලබා හොඳ පුරවැසියෙකු ලෙස රටට සේවය කරන ලෙස වයෝවෘද්ධ මවුපියන් සියලුම බාලදක්‍ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලා සිටියේය. 
හෙට්ටිමුල්ල නව මහා විද්‍යාලයේ බාලදක්‍ෂ ආචාරනි ඒ.ආර්.එම්.ජී. සර්වෝදි රත්නසූරිය මහත්මිය උපදෙස් මත මෙම සංග්‍රහය පැවැවිය.

(දමුණුපොල චමින්ද ජයලත්)

00 1 2 3 4 5

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...