2025 අප්‍රේල් මස 11 ප.ව. 06:11 - {{hitsCtrl.values.hits}}
ලෝක ගුරැ දිනය නිමිත්තෙන් බප/ගම්/හෙනරත්ගොඩ කැප්පෙටිපොළ මහ විදුහල මුදුන්ගොඩ විදුහලේ දැයේ ජීවය සහ පහන ඔබයි තේමා කරගනිමින් ගුරැ උපහාර උලෙළක් පාසැල් ක්‍රීඩා පිටියේ දී පසුගියදා පැවැත්වුණි. හෙනරත්ගොඩ කැප්පෙටිපොළ මහ විදුහලේ වත්මන් විදුහල්පති ඊ.ඒ.ඩී. ප්‍රේමලාල් මහතා ඇතුළු නියෝජ්‍ය විදුහල්පතිවරැ, අනුකාරක කමිටුව, කාරක සභා කමිටුව හා ආදි ශිෂ්‍ය සංගමය හා පාසල් සංවර්ධන සමිතිය මෙම ගුරැ උපහාර උත්සවය සංවිධානය කළහ.
විද්‍යාලයීය දරැවන්ගේ අධ්‍යාපන හා ක්‍රීඩා ජයග්‍රහණ සඳහා කැපවූ සියලු ගුරැ භවතුන්ට සම්මාන ප්‍රදානයක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාවට කැප්පෙටිපොළ මහ විදුහලේ විදුහල්පති ඊ.ඒ.ඩී. ප්‍රේමලාල් මහතා ඇතුළු ගුරැ මණ්ඩලය සහභාගි වූහ.
![]() |
diary Read more... |