හේමමාලි බාලිකා විදුහලේ ශිෂ්‍ය නායිකා නිල ලාංඡන පැලඳවීම

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 06:22 - {{hitsCtrl.values.hits}}  

මහනුවර හේමමාලි බාලිකා විදුහලේ ශිෂ්‍ය නායිකාවන් 48 දෙනෙක් වෙනුවෙන් නිල ලාංඡන පැලඳවීමේ උත්සවයක් පොලිස් පරීක්ෂක ඩි.එම්.සී දේවින්දි වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහනුවර පුෂ්පදාන ශාලාවේදී පසුගියදා පැවැත්විණි. 
මෙහිදී ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ඩි.එම්.එස්.එන් අබේරත්න, උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා ඩි.එම්.එස්,එම් දිසානායක, ප්‍රධාන ක්‍රීඩා නායිකා රැවන්ති ද සිල්වා, උප ප්‍රධාන ක්‍රීඩා නායිකා ඩබ්ලිව්.ආර්.ටී.ඒ සුගතදාස යන ශිෂ්‍යාවෝ තෝරා පත් කර ගෙන ඇත. 
නිල ලාංඡන පැලඳීමෙන් පසු ශිෂ්‍ය නායිකාවෝ කාන්තා පොලිස් පරීක්ෂිකා දේවින්දි වික්‍රමසිංහ, විදුහල්පතිනි එච්.එම්.ටි.ඩී.කේ ජයරත්න, සහකාර විදුහල්පතිනිය සී.එල් ගුණසේකර, වයි.එස් අබේකෝන්, නියෝජ්‍ය විදුහල්පතිනිය එස්.ඒ.කේ මැණිකේ,සී.එන් මාරසිංහ යන මහත්මියන් සමග සමුහ ඡායාරෑපයකට පෙනී සිටිය අයුරැ. 


(සටහන සහ ජායාරෑප සිසිර කුමාර බණ්ඩාර) 
 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...