2025 ජනවාරි මස 23 ප.ව. 10:52 - {{hitsCtrl.values.hits}}
මහනුවර හේමමාලී බාලිකා විදුහලේ ප්‍රාථමික අංශයේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන, තර්ස්ටන් විද්‍යාලයේ ආචාර්ය අනෝමා විජයවර්ධන මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් මහනුවර මහලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට මහනුවර කලාපයේ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඩබ්ලිව්.එම් විජයරත්න , විදුහල්පතිනි එච්.ඒ.ටී.ඩී.කේ ජයරත්න, නියෝජ්‍ය විදුහල්පතිනි එස්.ඒ.කේ මැණිකේ, සහකාර විදුහල්පතිනි සී.එල්.ගුණසේකර යන මහත්ම මහත්මීහුද මවුපියවරැද සහභාගි වී සිටියහ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |