හෝමාගම පනාගොඩ යුදහමුදා විද්‍යාලයේ සිඟිති රඟ ප්‍රභා

2025 ජනවාරි මස 05 ප.ව. 05:32 - 118  

හෝමාගම   පනාගොඩ  යුදහමුදා  විද්‍යාලයේ  දරැ  දැරියන්  විසින්  පවත්වනු   ලැබූ සිඟිති   රඟ  ප්‍රභා  2018  කලා  ප්‍රසංගය  සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ  කථිකාචාර්ය   පේසල  මනෝජ්  මහතාගේ  ප්‍රධානත්වයෙන්    පසුගිය දා  විද්‍යාලයේදි  පැවැත්වුණි. 
විදුහල්පති  වයි . ජී . සී . යාපා  බණ්ඩාර මහතාගේ  උපදෙස්   මත  පාසලේ   ගුරැ   මණ්ඩලය   සමග  මවුපියන්   එක්ව    සංවිධානය කර  තිබූ   අතර    සිසු සිසුවියන්ගේ   විවිධ   නැටුම්   ගැයූම්වලින්   ප්‍රසංගය    වර්ණවත්  විය. බස්නාහිර  පළාත්  කෘෂිකර්ම  ඉඩම්  හා  වාරිමාර්ග  අමාත්‍ය ගාමිණී  තිලකසිරි, බස්නාහිර  පළාත්  සභා  මන්ත්‍රී  මංජු  ශ්‍රී  අරංගල , හෝමාගම    කලාප අධ්‍යාපන  අධ්‍යක්ෂ  පාලිත  වීරසූරිය,  සහකාර   අධ්‍යාපන  අධ්‍යක්‍ෂ  සී . හෙට්ටිආරච්චි  යන  මහත්වරැ   ඇතුළු  පිරිසක්  සහභාගී   වූහ . 

(හෝමාගම  ප්‍රියන්ත ජයලත් )
 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...