14න් පහළ ජාත්‍යයන්තර පාසල් බැඩ්මින්ටන් තරඟාවලිය - බාලක ශුරතාව වත්තල ලයිසියම් - බාලිකා ශුරතාව නුගේගොඩ

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:40 - {{hitsCtrl.values.hits}}  

ජාත්‍යයන්තර පාසල් බැඩ්මින්ටන් තරඟාවලියේ වයස අවුරුදු 14න් පහළ බාලක ශුරතාව වත්තල ලයිසියම් ජාත්‍යයන්තර පාසල ද බාලිකා ශුරතාව නුගේගොඩ ලයිසියම් ජාත්‍යයන්තර පාසලද දිනාගත්හ. පානදුර ලීඞ්ස් ජාත්‍යයන්තර පාසල ප‍්‍රථම වරට සංවිධානය කළ වයස අවුරුදු 14න් පහළ ජාත්‍යයන්තර පාසල් බැඞ්මින්ටන් තරඟාවලිය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ගෘහස්ථ බැඞ්මින්ටන් ක‍්‍රීඩාගාරයේදී පසුගියදා පැවැත් වු අතර එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශ්‍යයෙන් ජාතික මට්ටමේ බැඞ්මින්ටන් ක‍්‍රීඩිකාවක් වන ලේඛා ෂෙහානී මෙනවිය සහභාගී වුවාය. මෙම තරඟාවලියේ බාලක අනුශුරතාව වත්තල  ඕ.කේ.අයි. ජාත්‍යයන්තර පාසලද බාලිකා අනුශුරතාව වත්තල ලයිසියම් ජාත්‍යයන්තර පාසලද දිනාගත්හ.

(මනෝප‍්‍රිය ගුණසේකර)

ජාත්‍යයන්තර පාසල් බැඞ්මින්ටන් තරඟාවලියේ වයස අවුරුදු 14න් පහළ බාලක ශුරතාව  වත්තල ලයිසියම් ජාත්‍යයන්තර පාසලේ ක‍්‍රීඩකයින් (වමේ සිට දකුණට) පමිත් අත්නායක, රවිඳු ප‍්‍රනාන්දු, ක‍්‍රිෂාන් තෝමස්, මන්තුක රූපතුංග, රිහාන් පෙරේරා, ෂෙනාල් විතාරණ, සන්තූෂ් තරනේෂ්කරන්, සචිත‍්‍ර ගුණසේකර, රවිෂාන් පෙරේරා සහ ලුවින් කොඩිප්පිලි

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...