“විදේශ විනිමය ලබාගත හැක්කේ පිළිගත් වෘත්තිකයින් ලොවට සැපයීමෙන් පමණයි. ” - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ

2025 අප්‍රේල් මස 20 ප.ව. 02:23 - {{hitsCtrl.values.hits}}  

කාන්තාවන් අඩු වැටුපකට මැදපෙරදිග සේවයට යැවීම නොව, පිළිගත් වෘත්තිකයින් ලොවට සැපයීමෙන් මෙරටට විදේශ විනිමය ලබාගැනීම රජයේ අනාගත බලාපොරොත්තුව බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගිය දා මහනුවර විහාරමහාදේවි විදුහලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

අනාගතයේ දී හොඳ වෘත්තිකයින් බිහිකොට, ඔවුන්ගේ ජීවන තත්ත්වය ද උසස් කොට ඔවුන් තුළින් රට සංවර්ධනය කරා ගෙන යා යුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. රටේ අධ්‍යාපන පද්ධතිය ඒ සඳහා සූදානම් කරවිය යුතු බවත්, රටේ පාසල් පද්ධතිය වෙත මෙහි විශාල වගකීමක් පැවරෙන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

වසරේ කැපී පෙනෙන විෂය නිපුණතා දැක් වූ සිසුන් වෙත තිළිණ, සහතික මෙන්ම සම්මාන ප්‍රදානය සිදු කෙරුණේ ද අධ්‍යාපන අමාත්‍යවරයා අතිනි.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...