2024 දෙසැම්බර් මස 21 ප.ව. 09:45 - {{hitsCtrl.values.hits}}
වැල්ලවත්ත ශාන්ත ක්ලේයාර් බාලිකා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවන් සඳහා සංවිධාන කෙරැණු ශාරිරීක සුවතා වර්ධන සහ නායකත්ව පුහුණු වැඩමුළුව විද්‍යාලයීය භූමියේ දී පසුගියදා පැවැත්වුණි.
ශිෂ්‍ය නායිකාවෝ 50 කට ආසන්න පිරිසක් මෙම වැඩමුළුවට සහභාගී වූහ. ශ්‍රී ලංකා චීගොංන් සංගමය වැඩමුළුව මෙහෙයවීය.
වසර 4000 ක් පමණ ඉපැරුණි චීන සම්භවයක් සහිත මෙම “චීගොංන්* වැඩසටහන ඔස්සේ සෞඛ්‍ය ප්‍රවර්ධනය, මානසික ඒකාග්‍රතාව වර්ධනය, ධාරණ ශක්තිය වර්ධනය සඳහා සිදුකරනු ලබන ව්‍යායාම් සහ භාවනා ක්‍රම රුසකට එම ශිෂ්‍යාවෝ සහභාගී වූහ.
මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පතිනී එම්.ඩී.ඩී.විජිතානි, ජාත්‍යන්තර හෙල්ත් ෂීංගාන් සම්මේලනයේ විධායක සභික සහ ශ්‍රී ලංකා ෂිගෝන් සංගමයේ විධායක ලේඛක අයි.පී.එරංග වීරසිංහ, ශ්‍රී ලංකා හෙල්ත් ෂිගොන් සම්මේලනයේ වෙළෙඳ විධායක සමන් ධම්මික, ශිෂ්‍යනායිකා මණ්ඩලය බාර ආචාර්යවරැන් වන ඉරෝෂා පීරිස්, ශ්‍යාමා නානායක්කාර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙම කඳවුර පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනයට සහය වන්නා වූ ශරීර සුවතාව සංවර්ධනය, අවධානය සංවර්ධනය ඔස්සේ බුද්ධිය සංවර්ධනය සහ ධාරණ ශක්තිය වැඩි දියුණු කිරීම සඳහා ශාන්ත ක්ලේයාර් බාලිකා විද්‍යාලය සහ ශ්‍රී ලංකා චීගොංන් සංගමය විසින් සංවිධානය කෙරිණි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |