2025 මාර්තු මස 15 ප.ව. 08:23 - {{hitsCtrl.values.hits}}
රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි ජේ.එම්.මිහින්දි මිනුපමා ශිෂ්‍යාව තායිවානයේ දී පැවැති පාසල් මට්ටමේ නව නිපැයුම්කරැවන්ගේ ජාත්‍යන්තර තරගයක දී නව නිපැයුම් දෙකක් සඳහා රන්, රිදී පදක්කම් කුසලාන හිමිකරගෙන තිබේ. ඇය කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන 12 හැවිරිදි ශිෂ්‍යාවකි. මිහින්දි ශිෂ්‍යාව එම තරගය සඳහා මදුරැවන් පලවා හරින පරිසර හිතකාමී දියරයක් සහ අස්ථි බිඳීම්, මස්පිඬු පෙරළීම්වලට පිළියමක් ලෙස ආයුර්වේද ආලේපනයක් නිපදවා මෙම ජයග්‍රහණ ලබාගෙන ඇත. ඇය නව නිපයුම් වෙනුවෙන් ඇගයුම් ලැබූ ශිෂ්‍යාවකි.
(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
![]() |
diary Read more... |