අන්තර් ත්‍රෝබෝල් තරගාවලිය 2017 ශූරතාව - පන්නල ජාතික පාසලට

2025 මාර්තු මස 16 පෙ.ව. 08:54 - {{hitsCtrl.values.hits}}  

පහළොස්වැනි අන්තර් ත්‍රෝබෝල් 2017 තරගාවලිය පසුගියදා පැවතියේ වැල්ලවාය කුමාරදාස විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදීය.
එම තරගාවලියේ දී පන්නල ජාතික පාසල විසින් වයස 20 න් පහළ බාලක ශූරතාවද, 15 න් පහළ අනුශූරතාව ද, 20 න් පහළ බාලිකා තුන්වැනි ස්ථානය ද දිනාගන්නා ලදී.
20 න් පහළ බාලක ශූරතාව දිනූ, ශෙහාන්, හෂාන්, එරන්ද, එම්. ජයරත්න, ඩිල්ෂාන්, තිලංක, සඳරැ, විශ්ව යන දරැවන්ද 15 න් පහළ අනුශූරතාව දිනූ, කවීෂ, මනිල්ක, නිර්මාල්, චමිල්, මධුක, ලක්සර, ඉෂාන්, රන්දිම, සඳුන්, පසිඳු, ඉමාෂ, සමිඳු යන දරැවන්ද 20 න් පහළ බාලිකා තුන්වන ස්ථානය දිනූ, ඉඳුනිල්, ෂසිනි, ගිම්හානි, කනිෂ්කා, කවීෂා, සකුනි, සඳුනි, නෙත්මි යන දරැවන්ද විද්‍යාලයේ විදුහල්පති ඩබ්. එම්. එස්. ඉන්ද්‍රරත්න මහතා
හා ක්‍රීඩා භාර ආචාරිනී බලගල්ල මහත්මිය සමග මෙසේ ඡායාරෑපවලට මුහුණ දුන්හ.
(යක්විල ජයන්ත ඒකනායක)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...