අස්සැද්දුම සුභාරතියේ කිත්නාල්ට රන් හා ලෝකඩ පදක්කම් 2 ක්

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 08:51 - {{hitsCtrl.values.hits}}  

ජපානයේ පැවති 26 වැනි “එත්සුකෝකායි ජාත්‍යන්තර කරාතේ දෝ*තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වයස අවුරැදු 12 න් පහළ කාතා අංශයේ රන් පදක්කමක් කුම්තේ අංශයේ ලෝකඩ පදක්කමත් හිමිකර ගැනීමට ඒ.ඒ.රිසෝන් කිත්නාල් අබේසිංහ ශිෂ්‍යයා සමත්විය.
කිත්නාල් අබේසිංහ සිසුවා කුලියාපිටිය - අස්සැද්දුම සුභාරතී විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. ජපන් හකු අකායි කරාතේ සංගමයේ වයඹ පළාත් උපදේශක ඩී.කේ.ඒ.අගලවත්ත මහතාගේ සිසුවෙකි. 


(බිංගිරිය - නන්ද එස්.ඒකනායක)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...