අස්සැද්දුම සුභාරතී විදුහලට කරාතේ පදක්කම් දෙකක්

2025 මාර්තු මස 15 ප.ව. 02:20 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය සංවිධානය විසින් කරනු ලබන “කුරැණෑගල 7 වෙනි දිස්ත්‍රික් කරාතේ තරගාවලිය* වෙන්නප්පුව ඇල්බට් ඇෆ්.පීරිස් ක්‍රීඩාංගණයේ දී පසුගියදා පවත්වන ලද අතර එහිදී වයස අවුරැදු 12 න් පහළ කුමිතේ අංශයේ (කළුපටි) රන් පදක්කමත්, කාතා අංශයේ ලෝකඩ පදක්කමත් කුලියාපිටිය - අස්සැද්දුම සුභාරතී විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන රිසෝන් කිත්නාල් අබේසිංහ සිසුවා හිමි කර ගත්තේය.
කිත්නාල් අබේසිංහ සිසුවා 28 වෙනි වයඹ පළාත් කරාතේ තරගාවලියේ දීත්, ජාත්‍යන්තර මට්ටමේ ජපන් කරාතේ තරගාවලියේ දීත් ඉහත තරග අංශ දෙකෙන්ම රන් සහ ලෝකඩ පදක්කම හිමිකරගෙන තිබුණි.
රිසෝන් කිත්නාල් අබේසිංහ සිසුවා සිය ජයග්‍රහණයෙන් පසුව වයඹ පළාත් කරාතේ දෝ සම්මේලනයේ සභාපති සෙන්සේ, එස්.එම්.එම්.සී.බී.සේනාධිපති මහතා සමග.

(බිංගිරිය - නන්ද එස්.ඒකනායක)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...