2025 මාර්තු මස 15 ප.ව. 01:57 - {{hitsCtrl.values.hits}}
හික්කඩුව ශ්‍රී සුමංගල ජාතික පාසලේ පැවති පළමුවන ජාතික ටයිකොන්ඩෝ කැඩෙට් ශූරතා තරගාවලියේ දී 37-41 බර පන්තිය යටතේ තරග කළ ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේ එල්.ජී.මල්ෂ නිම්සර සිසුවා විසින් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගන්නා ලදී.
ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය සංවිධානය කළ මෙම තරගාවලියේ දී ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ මල්ෂ නිම්සර සිසුවාට 2019 වසරේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ද හිමිවිය. එම සිසුවා 2013 වසරේ සිට 2019 වසර දක්වා ටයිකොන්ඩෝ තරග 20 කට මුහුණ දී ඇති අතර එම තරග සියල්ලම ජයග්‍රහණය කර තිබීම ද විශේෂත්වයකි.
![]() |
diary Read more... |