ඉහළගම ගැමුණු මහ විදුහලේ ක්‍රීඩා උලෙළ දා

2025 මාර්තු මස 16 පෙ.ව. 08:59 - {{hitsCtrl.values.hits}}  

කොබෙයිගනේ අධ්‍යාපන කොට්ඨාසයට අයත් ඉහළගම ගැමුණු මහා විද්‍යාලයේ 2018 වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උලෙළ එම විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පසුගියදා පැවැත්වුණි.
එම විද්‍යාලයේ විදුහල්පති ජී. කේ. වසන්ත ගාමිණී මහතාගේ මග පෙන්වීම යටතේ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය මවුපියන්ගේ ද සහයෝගය ලබාගෙන මෙම නිවාසාන්තර ක්‍රීඩා උලෙළ සංවිධානය කර තිබිණි.
ක්‍රීඩා උලෙළ සමස්ත ශූරතාව ලකුණු 418 ක් ලබාගත් මෙත්තා නිවාසයට හිමිවූ අතර අනුශූරතාව ලකුණු 243 ක් ලබාගත් මුදිතා නිවාසයට හිමිවිය.
නිකවැරටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ගාමිණී කොබෙයිගනේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ යූ. එච්. නිමල් සිරිරත්න යන මහත්වරැන් ඇතුළු අවට පාසල්වල විදුහල්පතිවරැ හා ඉහළගම ගැමුණු මහා විද්‍යාලයේ මවුපියෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...