ක්‍රීඩාවට උපන් හපන් පොතුපිටිය මහ විදුහලේ තෙවිඳු

2025 මාර්තු මස 17 පෙ.ව. 12:39 - 154  

කළුතර, පොතුපිටිය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ඩී.තෙවිඳු සෆ්දිල් ශිෂ්‍යයා අධ්‍යාපන කටයුතුවලට මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයෙහි ද විශිෂ්ට දක්ෂතා පෙන්වන කැපී පෙනෙන මලල ක්‍රීඩකයෙකි.
පසුගිය දිනවල දී කළුතර අධ්‍යාපන කලාප කාර්යාලයේ ක්‍රීඩා ඒකකය සංවිධානය කොට කළුතර සිරිකුරැස විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවැති 2018 කළුතර කලාප අන්තර් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී දක්ෂතම, ළාබාලතම මලල ක්‍රීඩකයා වශයෙන් සම්මානයට පත්වූ ඔහු දුර පැනීමේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේය.
%දුර පැනීම, උස පැනීම හා මීටර් 100 මගේ හොඳම හා ආසා කරන තරග ඉසව් තුන. මා කවදත් ඒ ඉසව් තුනෙන්ම කලාප ජයග්‍රහණ ලබල තියෙනවා. මා දිගටම ක්‍රීඩා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒත් මට කවුරැහරි ඉදිරිපත් වෙලා හොඳ පුහුණුවක් ලබා දීමට කටයුතු කරනවා නම් මට කවදාහරි ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් රටට ගෞරවයක් කීර්තියක් වුණත් ගෙනත් දෙන්න පුළුවන් වේවි යැයි ඔහු පැවසීය.^
කුඩා අවධියේ සිටම සිය දයාබර මාපියන්ගේ ආශිර්වාදය ලැබ දිවීම, පැනීම ආදී ක්‍රීඩා ඉසව්වල යෙදෙන ඔහු වාද්දුව, පොතුපිටිය මහා විද්‍යාලයේ ඉකුත්දා පැවැති නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවයේ දීද, රාහුල නිවාසයෙන් මලල ක්‍රීඩා ශූරතාව හිමිකරගෙන ඇත.
(එච්.එල්. සුනිල් ශාන්ත කළුතර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...