2025 මාර්තු මස 15 ප.ව. 02:18 - {{hitsCtrl.values.hits}}
කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ 2018 අන්තර් පාසල් ක්‍රීඩා තරගාවලියේ, බාලිකා ක්‍රීඩා ශූරතා 3 ක් දිනා ගැනීමට කුලියාපිටිය විශාඛා බාලිකා විද්‍යාලයේ ක්‍රීඩිකාවෝ සමත්වූහ.
16 න් පහළ නෙට්බෝල් ශූරතාව, 18 න් පහළ නෙට්බෝල් ශූරතාව හා 18 න් පහළ බාලිකා වොලිබෝල් ශූරතාවය ද විශාඛා බාලිකාවෝ අත්පත් කරගත්හ.
මෙම අධ්‍යාපන කලාප ක්‍රීඩා තරගාවලියේ 20 න් පහළ එල්ලේ ක්‍රීඩා බාලිකා ශූරතාව, කුලියාපිටිය කනදුල්ල ධර්මරාජ ආදර්ශ මහා විද්‍යාලයීය කණ්ඩායමට හිමි විය.
(කුලියාපිටිය චාමර විමලරත්න)
![]() |
diary Read more... |