ගලගෙදර කනිෂ්ඨයේ ක්‍රීඩා උලෙළේ ජය පැරකුම් නිවාසයට

2025 මාර්තු මස 16 පෙ.ව. 08:46 - {{hitsCtrl.values.hits}}  

පාදුක්ක අධ්‍යාපන කොට්ඨාසයේ ගලගෙදර කනිෂ්ඨ විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ දී ලකුණු 255 ක් ලබාගත් පැරකුම් නිවාසයට ශූරතාව හිමිවිය.
ලකුණු 245 ක් ලබාගත් ගැමුණු නිවාසයට අනු ශූරතාවය හිමිවිය.
විදුහල්පති රමණි ප්‍රියංකා අමරසිංහ මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය ක්‍රීඩා උත්සවය සංවිධානය කර තිබූ අතර විදුහලේ සිසු දරැ දැරියෝ ඔවුන්ගේ දක්ෂතා එළි දක්වමින් ක්‍රීඩා උත්සවයට සහභාගි වූහ.
විදුහලේ 3,4 හා 5 ශ්‍රේණිවල දරැ දැරියන් සරඹ සංදර්ශනයට ඉදිරිපත් වූ අතර කුඩා දරැවන්ගේ බැලුම් පිපිරවීමේ තරගයක් සහ විකට ඇඳුම් තරගයක් ද ඒ අතර විය.
උත්සවයට පැමිණි ආරාධිත අමුත්තන් විසින් ජය සංකේත පිරිනැමීම සිදු කෙරැණි.
එම අවස්ථාවට පානළුව සිරි නිවාසාරාමාධිපති ගලගෙදර කනිෂ්ඨ විද්‍යාලයේ ආචාර්ය වටරුක පඤ්ඤාරතනහිමි විදුහල්පති රමණි ප්‍රියංකා අමරසිංහ මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය ද ආරාධිත අමුත්තෝ ද, සිසු දරැ දැරියෝ ද සහභාගි වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...