ගාල්ල ඕල්කට් විදුහලේ මුබාරක්ට ජිම්නාස්ටික් සම්මානයක්

2025 මාර්තු මස 16 පෙ.ව. 03:33 - {{hitsCtrl.values.hits}}  

දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කළ 2017 දකුණු පළාත් ජිම්නාස්ටික් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගාල්ල ඕල්කට් මහා විද්‍යාලයේ එම්. එම්. මොහොමඩ් මුබාරක් සම්මාන ලැබුවේය.
එම තරගාවලිය වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයේ දී පැවැත්වුණි. එහිදී සමාන්තර පෝල සහ ආධාරක අශ්වයා රන් පදක්කම්, පිනුම් අශ්වයා රිදී පදක්කම සහ හරස් දණ්ඩ ලෝකඩ පදක්කම ඔහුට හිමිවිය. 2017 දකුණු පළාත් පාසල් ක්‍රීඩා උලෙළේ ජිම්නාස්ටික් තරගාවලියේ භූමි ව්‍යායාම, පිනුම් අශ්වයා, ආධාරක අශ්වයා, නිශ්චල වළලු, සමාන්තර පෝල සහ හරස් දණ්ඩ රන් පදක්කම් හිමිකර ගත් ඔහු එම තරගාවලියේ වයස අවුරැදු 18 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා බවට ද පත්විය. ගාල්ල දිස්ත්‍රික් පුහුණුකරැ ලක්ෂ්මන් කළුආරච්චි මහතා යටතේ ඔහු පුහුණුවීම්වල නිරත වෙයි.
(රත්ගම ගාමිණි මහදුර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...