තණබද්දේගම ශ්‍රී ශාසන චන්ද්‍ර මහ විදුහලේ වොලිබෝල් කණ්ඩායමට සමස්ත ලංකා තරග වරම්

2025 මාර්තු මස 16 පෙ.ව. 08:58 - {{hitsCtrl.values.hits}}  

ඇල්පිටිය අධ්‍යාපන කලාපයට අයත් ඇල්ල,තණබද්දේගම ශ්‍රී ශාසන චන්ද්‍ර මහා විද්‍යාලයේ  සිසු සිසුවියෝ ක්‍රීඩා ශූරතා රුසක් දිනා ගැනීමට සමත් වූහ. මෙවර  දකුණු පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේදී විද්‍යාලයීය  18 න් පහළ බාලිකා කණ්ඩායම තෙවැනි ස්ථානය දිනාගෙන සමස්ත ලංකා තරගාවලියට සුදුසුකම් ලබා ඇත. ඩි.එස්.අයි.වොලිබෝල් තරගාවලියේදී 15න් පහළ බාලිකා කණ්ඩායම අනුශුරතාවත්,17න් පහළ බාලිකා කණ්ඩායම දිස්ත්‍රික් ශුරතාවයත්,13 න් පහළ කණ්ඩායම  තෙවැනි  ස්ථානයත් දිනාගෙන තිබේ.
විද්‍යාලයේ ක්‍රීඩා ගුරැවරයකු නොමැති අතර  විද්‍යාලයේ ගණිත ගුරැවරයා වූ ටි. නිහාල් සාන්ත මහතා පුහුණුවීම් කටයුතු සිදුකරයි.  විද්‍යාලයේ විද්‍යා  ගුරැවරයා වූ සාලිය ගමගේ මහතා ඔහුට සහය වෙයි.
සමස්ත ලංකා තරගාවලියට සුදුසුකම් ලබා සිටින 18 න් පහළ වොලිබෝල් කණ්ඩායම විදුහල්පති එන්.ඩබ්ලව්.වී.එස්.නානායක්කාර මහතා (මැද) , ටි.නිහාල් සාන්ත මහතා (වමේ) , සාලිය ගමගේ මහතා (දකුණේ ) සමග ඡායාරෑපයේ වෙති.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...