2025 මාර්තු මස 16 පෙ.ව. 08:58 - {{hitsCtrl.values.hits}}
දකුණු ආසියාතික මේසපන්දු තරගාවලියේ රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දිනූ කැගලු බාලිකා විදුහලේ සිසුවියන් හා පුහුණු කරැවන් පිළිගැනීම හා තෑගි ලබාදෙමින් ඔවුන් ඇගයීම එම විදුහල් ක්‍රීඩාංගණයේදී පසුගිය දා සිදුකෙරැණි.
මාලදිවයිනේ දී පැවති වයස අවුරැදු 12න් පහළ මේසපන්දු තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කෑගල්ල බාලිකා මහ විදුහලේ චමීෂා තුෂාධි,සහ නවින්දි සෙනවිරත්න සහභාගි වූ අතර ඔවුන් දෙදෙනා රිදී හා ලෝකඩ පදක්කම් දිනාගනිමින් දෙවැනි හා තුන් වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත් වූ බව පුහුණුකරැ සම්පත් රාජපක්ෂ මහතා පැවසීය.
කෑගල්ල බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි කේ ජී,එස් ඉන්ද්‍රානී මහත්මියගේ උපදෙස් පරිදි ගුරැ මණ්ඩලය සහ මවුපියෝ එක්ව මෙම උත්සවය සංවිධානය කළහ.
මෙම අවස්ථාවට කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී නීල් පෙරේරා මහතා, ගුරැ මණ්ඩලය, මවුපියෝ හා පාසලේ සිසු සිසුවියෝ සහභාගී වූහ.
![]() |
diary Read more... |