දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ උස පැනීමේ ශූරියට පාසලෙන් උපහාර

2025 මාර්තු මස 16 පෙ.ව. 03:28 - {{hitsCtrl.values.hits}}  

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේද  උස පැන මේ තරගයේ රිදී පදක්කම හිමිකර ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ඉෂාරා නෙත්මිණි පල්ලේගම සිසුවිය පිලිගැනීමේ උත්සවයක්  එම විද්‍යාලයේදී පසුගියදා පැවැත්විණි.
මෙහිදී ඇගැයීමට ලක්වූ ඉෂාරා දැරිය මෙම වසරේ පැවති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර්1.76 ක් උස පනිමින් නව වාර්තාවක්ද පිහිටුවා ඇති බව ඇයගේ පාසල් පුහුණුකරැ සුමේධ ජයකොඩි මහතා ප්‍රකාශ කළේය. එසේම ඇය 2017 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ උස පැනීමේ තරගයේ ප්‍රථම ස්ථානයද හිමිකර ගෙන ඇත.
විදුහල්පතිනි නිරෝධා අබේවික්‍රම මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවති උත්සවයට ඉෂාරා දැරියගේ මවුපියෝ, විද්‍යාලයේ ආදි සිසු සිසුවියෝ හා වත්මන් සිසු සිසුවියෝ ඇතුළු පිරිසක් සහභාගි වූහ. 
(යාපහුව සුනිල් කහගල්ල)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...