දකුණු ආසියානු මලල ක්‍රීඩා උලෙළ - දුර පැනීම පාදුක්ක සිරි පියරතනයේ යසිඳු සිව්වැනි තැනට

2025 මාර්තු මස 16 පෙ.ව. 02:08 - {{hitsCtrl.values.hits}}  

දකුණු ආසියානු මලල ක්‍රීඩා උත්සවයේ 20 න් පහළ බාලක දුර පැනීමේ ඉසව්වට පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ඩබ්ලිව්. සී. සසිඳු නුමින්ද සිසුවාට සිව්වැනි ස්ථානය හිමිවිය.
මෙම තරගාවලියේ දී දුර පැනීමේ ඉසව්වේ ජයග්‍රාහී 08 දෙනා අතරට සසිඳු නුමින්ද සිසුවාද ඇතුළත් වී ඇත.
මොහු 2017 වයස අවුරැදු 18 න් පහළ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී දුර පැනීමේ තරගයෙන් ප්‍රථම ස්ථානයත්, බස්නාහිර පළාත් තරගාවලියේ දී දුර පැනීමේ ඉසව්වෙන් දෙවැනි ස්ථානයත්, 2018 20 න් පහළ කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී දුර පැනීමේ ඉසව්වෙන් දෙවැනි ස්ථානයත් හිමිකරගෙන ඇත.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...