දැල්පන්දු පුහුණු උපදේශිකාවන්ට තෙදින පුහුණුවක්

2025 මාර්තු මස 16 පෙ.ව. 03:12 - {{hitsCtrl.values.hits}}  

අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අංශය සංවිධානය කළ පාසල් දැල්පන්දු පුහුණු උපදේශිකාවන් පුහුණු කිරිමේ තෙදින නේවාසික වැඩමුළුවක් පසුගියදා මහනුවරදි පැවැත්වුණි.
 ඔස්ට්‍රේලියානු නෙට්බෝල් පුහුණු උපදේශිකා ජිල් මැකිංටොෂ් මහත්මියගේ සහභාගීත්වයෙන් මහනුවර නගරසභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම පුහුණු කඳවුරට දිවයින පුරා විසිර සිටින පාසල් ක්‍රීඩා දැල්පන්දු පුහුණු උපදේශිකාවෝ 40 දෙනෙක් සහභාගි වූහ. අධ්‍යාපන අමාත්‍යාංශයේ නෙට්බෝල් ව්‍යාප්ත නිලධාරිනි ශිරෝමා කුරැප්පු මහත්මිය විසින් සංවිධානය කරන ලද  මෙම වැඩමුළුවේ අවස්ථා මෙහි දැක්වේ. මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ දිල්රැක් ජයවර්ධන, මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන, ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමයේ ලේකම් ගංගා උස්වත්ත යන මහත්ම මහත්මීහුද එක් වූහ.
(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)


 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...