දිලාසාල් විදුහලේ කරාතේ හපන්නු තිදෙනෙක්

2025 මාර්තු මස 15 ප.ව. 02:07 - {{hitsCtrl.values.hits}}  

දිලාසාල් විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඒ.ඒ.සදෙවු කෞශික පෙරේරා, එච්. උමයන්ග දිශාන් සහ ටී.මෝසස් යන සිසුහු කරාතේ ක්‍රීඩාවෙන් ජයග්‍රහණ රුසක් 
ලබා ගැනීමට සමත්ව සිටිති. ඔවුහු 2016 වසරේ සිට කරාතේ පුහුණුව ලබති. 
2017 – 2018 යන වසරවල ඔවුහු ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ සම්මේලනය හා ශ්‍රී ලංකා කරාතේ දෝ පදනම යන තරගාවලි වල දිස්ත්‍රික්, පළාත්, සමස්ත ලංකා පළමු පෙළේ ජයග්‍රහණ හිමිකර ගත්හ. වසර 2019 ඉන්දියාවේ බැන්ගලෝර් නගරයේ පැවති සිමාගා (Shimaga) ජාත්‍යන්තර තරගයට සහභාගි වී සදෙවු කෞෂික කාතා ඉසව්වෙන් රන් පදක්කමක් ද, කුමිතේ ඉසව්වෙන් රන් පදක්කමක් ද, ටී.මොසස් කුමිතේ රන් පදක්කමක් ද, කාතා ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ද, උමයංග දිශාන් කුමිතේ ඉසව්වෙන් රිදී පදක්කමක් ද, කාතා ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ද දිනාගෙන පාසලට විශාල කීර්තියක් අත්කර දීමට සමත් වුහ.


(චන්දිමා ඈපා සෙනෙවිරත්න)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...