ධර්මාශෝකයේ දිනුක ක්‍රිකට් වාර්තාවක් තබයි

2025 මාර්තු මස 17 පෙ.ව. 01:12 - 121  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙකු ලෙස කටයුතු කරන උපුල් තරංග මහතා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකුව සිටි කාලයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් තබා තිබූ වාර්තාවක් එම විද්‍යාලයේ දිනුක දිල්ෂානි විසින් වසර 14 කට පසුව බිඳදමන ලදී.
2003 වසරේ දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර පැවැති වයස 19 න් පහළ අන්තර් පාසල් තරගයේ දී උපුල් තරංග පළමු ඉනිමේ දී ලකුණු 212 ක් ලබා ගත්තේය. එය ධම්සෝ ක්‍රීඩකයකු එක් ඉනිමක දී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක්විය.
මේ වසරේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලය හා ධර්මාශෝක විද්‍යාලය අතර පැවැති වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගයේ දී ධර්මාශෝක විද්‍යාලයේ දිනුක දිල්ෂාන් පළමු ඉනිමේ දී ලකුණු 216 ක් ලබා ගනිමින් උපුල් තරංග මීට වසර 14 කට පෙර තබා තිබූ වාර්තාව බිඳ දැම්මේය.
මේ වාර්තාව බිඳ දැමීමට දිනුකට පන්දු 218 ක් වැය කිරීමට සිදුවූ අතර හයේ පහර 9 ක් සහ හතරේ පහර 18 ක් එයට අන්තර්ගතවී තිබුණි. ක්‍රීකට් ක්‍රීඩාවෙන් මෙලෙස දස්කම් දක්වන දිනුකගේ පුහුණුකරැ ලෙස ඉසුරැ අනුෂ්ක මහතා කටයුතු කරයි.
(කරන්දෙනිය - එම්. සුසිල් ප්‍රියන්ත)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...