ධර්මාශෝකයේ රිද්මි දක්ෂතම ක්‍රීඩිකාව වෙයි

2025 මාර්තු මස 15 ප.ව. 10:02 - {{hitsCtrl.values.hits}}  

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලබන කේ. කේ. රිද්මා නිශාදි 2017 දකුණු පළාත් පාසල් ක්‍රීඩා උලෙළේ වයස අවුරැදු 20 න් පහළ දුර පැනීම සහ තුන් පිම්ම ප්‍රථම ස්ථාන හිමිකර ගනිමින් එම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූවාය.
2016 ජාතික පාසල් ක්‍රීඩා උලෙළේ වයස අවුරැදු 19 න් පහළ දුර පැනීම ප්‍රථම ස්ථානය දිනාගත් ඇය එහිදී වසර විස්සක් පැරණි වාර්තාවක් බිද හෙළමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට ද සමත් වූවාය. එම තරගාවලියේ සුවිශේෂි ක්‍රීඩිකාව ලෙස ද ඇය සම්මාන ලැබුවාය. 2016 දකුණු පළාත් පාසල් ක්‍රීඩා උලෙළේ අවුරැදු 19 න් පහළ දුර පැනීම සහ තුන් පිම්ම ප්‍රථම ස්ථාන දිනාගත් ඇය එම තරගාවලියේ වයස අවුරැදු 19 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද සම්මාන ලැබුවාය. 2012 වසරේ ක්‍රීඩාවට යොමු වී ඇති රිද්මි, චන්දිමාල් නිරෝෂණ මහතා යටතේ පුහුණුවීම්වල නිරත වෙයි.


 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...