නාවල ජනාධිපති බාලිකාවට ක්‍රීඩා ජයග්‍රහණ රුසක්

2025 මාර්තු මස 16 පෙ.ව. 12:08 - {{hitsCtrl.values.hits}}  

පසුගියදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දීත් රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේ දීත් 2018 කලාප මලල ක්‍රීඩා උලෙළේ දීත් පැවති තරගවල දී ජයග්‍රහණ රුසක් හිමිකරගැනීමට ජනාධිපති බාලිකා විද්‍යාලයීය සිසුවියෝ සමත් වූහ. 
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය වයස අවුරැදු 16 න් පහළ මලල ක්‍රීඩා තරග, මීටර 200 සහ මීටර 400 තරගවල දී නව තරග වාර්තාවක් පිහිටුවීමට කවිදි සංජනා ශිෂ්‍යාව සමත් වූවාය. ඇයට දකුණු ආසියා ක්‍රීඩා උලෙළ නියෝජනයට වරම් ලැබිණි.
2018 කලාප මලල ක්‍රීඩා උලෙළ 14 න් පහළ, 16 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව
චාරැණි ප්‍රසන්ගිකා (14 න් පහළ) නෙත්මි චාමින්දිකා (16 න් පහළ) බැඩ්මින්ටන්- 17 න් පහළ සමස්ත ලංකා තරගාවලියේ බැඩ්මින්ටන් කණ්ඩායමට තුන්වැනි ස්ථානය හිමිවිය. පාපන්දු- 21 න් පහළ කලාප තරගාවලිය විද්‍යාලයීය පාපන්දු කණ්ඩායම ශූරතාව දිනාගත්හ. මීට අමතරව නාවල ජනාධිපති බාලිකාවේ චනලි කිර්තිමා, සයනි ඩයස්, පියුමි චතුරංගිකා, සඳුනි චතුරානි, මොක්ෂා, දිලිනි, මාලින්දි යන ක්‍රීඩිකාවන්ට අවස්ථාව හිමිවිය. 
(රැෂිරැ තරංග)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...