නැදලගමුව රාහුල මහා විද්‍යාලයට දැල්පන්දු ජයක්

2025 මාර්තු මස 15 ප.ව. 02:05 - {{hitsCtrl.values.hits}}  

කුරැණෑගල දී පැවති සමස්ත ලංකා පාසල් මයිලෝ දැල්පන්දු තරගාවලියේ 19 න් පහළ තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ නැදලගමුව රාහුල මහා විද්‍යාලයීය කණ්ඩායමට හැකි විය.
එම දැරියන් විසින් පාසලටත්, ප්‍රදේශයටත් ලබාදුන් ගෞරවය වෙනුවෙන් ඔවුන් ඇගයීමට ලක් කරමින් පෙරහරකින් කැඳවාගෙන විත් උපහාර පිදීමට නැදලගමුව මරණාධාර සහ ග්‍රාම සංවර්ධන සමිතිය මගින් කටයුතු යොදා තිබුණි. එම ජයග්‍රාහී දැරියන් වන්නේ ඒ.එම්.ගිවින්දි තාරිකා (නායිකාව), පී.පී.අමාෂි දිල්රැක්ෂි, ඒ.එම්.අෂිනි තාරකා, එල්.එම්.සෙත්මිණි නවෝද්‍ය, ජේ.එම්.අචිනි නිමේෂිකා, ජේ.එම්.මදුෂි තරැපබා, එච්.එම්.වත්සලා සන්දීපනී, එස්.ඒ.කවීෂා කාවින්දි යන සිසුවියන් විද්‍යාලයේ විදුහල්පති ඩබ්.එම්.සමරරත්න මහතා සහ ක්‍රීඩා උපදේශිකා චන්දිම කරැණානායක මහත්මිය සමග ඡායාරෑපයකට පෙනී සිටි අයුරැයි.


(යක්විල ජයන්ත ඒකනායක)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...