නුවරඑළිය යහපත් එෙඩ්රාගේ බාලිකා මහ විදුහල් ක්‍රීඩා උලෙළේ ජය - ශාන්ත ගේබ්‍රියල් නිවාසයට

2025 මාර්තු මස 16 පෙ.ව. 08:59 - {{hitsCtrl.values.hits}}  

නුවරඑළිය යහපත් එඩේරාගේ බාලිකා මහ විදුහලේ 2018 නිවාසාන්තර ක්‍රීඩා උත්සවය මධ්‍යම පළාත් ශාරිරික අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂ අතුල ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැත්වුණි. මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයෙකු ලෙස විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන 20 වැනි ආසියානු (මාස්ටර් ඇත්ලටික්ස්) තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2017 චීනයේ පැවති ඇවිදීමේ තරගයෙන් රන් පදක්කම හිමිකර ගත් විනීතා පෙරේරා මහත්මිය එක්ව සිටියාය.
උත්සවාකාරයෙන් පැවති නිවාසාන්තර ක්‍රීඩා තරගාවලියේ ලකුණු 192 ක් ලබාගත් සමස්ත ශූරතාව ශාන්ත ගේබ්‍රියල් නිවාසයට හිමිවිය. ලකුණු 162 ක් ලබා දෙවැනි ස්ථානය ශාන්ත මයිකල් නිවාසයට ද, ලකුණු 156 ක් ලබාගත් ශාන්ත යූප්‍රේෂියා නිවාසය තුන්වැනි ස්ථානය ද, ලකුණු 135 ක් ලබාගත් ශාන්ත තෙරේෂා නිවාසයට සිව්වැනි ස්ථානය ද හිමිවිය.
නිවාසාන්තර ක්‍රීඩා තරගය විදුහල්පති ගරැ මේරි නිලංකා ද සිල්වා කන්‍යා සොයුරියගේ මෙහෙයවීම මත සංවිධානය කර තිබිණි. ජය සංකේත ප්‍රදානය ආරාධිතයන් අතින් සිදුකරන ලදී. ජය සංකේත ප්‍රදානයේ දී විදුහලේ කීර්තිමත් සිසුවිය ලෙස පාසලට අභිමානයක් ගෙනදුන් පාසල් නාවික කැඩෙට් සාජන්වරිය ලෙස සම්මාන ලැබූ 2016 වසරේ උසස්පෙළ විෂයන් 3 ටම ඒ සාමාර්ථය ලැබූ හෂන්ති පියුමාලි සිසුවියට උපහාර පුද කිරීම ද මෙදින සිදුවිය.
(නුවරඑළිය - ෂෙල්ටන් හෙට්ටිආරච්චි)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...