2025 මාර්තු මස 15 ප.ව. 02:09 - {{hitsCtrl.values.hits}}
සමස්ත ලංකා පාසල් ප්‍රාථමික අංශයේ මලල ක්‍රීඩා උලෙළ මහනුවර බෝගම්බර ක්‍රීඩා පිටියේ දී පසුගියදා පැවැත්වුණි. මෙහිදී 5 ශ්‍රේණියේ තරග සඳහා කණ්ඩායම් 213 ක් සහභාගි වී සිටි අතර එහිදී පොල්පිතිගම, මාඑළිය මහා විද්‍යාලයීය 5 ශ්‍රේණිය නියෝජනය කරමින් සහභාගි වූ බාලක කණ්ඩායම රන් සම්මානය හිමිකර ගත් අතර බාලිකා කණ්ඩායමට ලෝකඩ සම්මානය හිමි විය.
පාසලේ වසර 7 ක කාලයක් පුරා ක්‍රීඩා ගුරැවරයකු නොමැති තත්ත්වයක් යටතේ මෙම ජයග්‍රහණ හිමිකර ගැනීමට හැකිවීම මෙහි විශේෂත්වයක් බව විදුහල්පති අජිත් රෑපසිංහ මහතා පවසයි. මෙම කණ්ඩායම් දෙක පුහුණු කර ඇත්තේ පාසල් 5 ශ්‍රේණිය භාර ආචාර්යවරයා වන අශෝක ප්‍රේමචන්ද්‍ර මහතාය.
![]() |
diary Read more... |