බණ්ඩාරපොළ මහ විදුහලට මයිලෝ ශූරතා රැසක්

2024 නොවැම්බර් මස 24 ප.ව. 02:10 - {{hitsCtrl.values.hits}}  

 DSC_1609ශ්‍රි ලංකා පාසල් නෙට්බෝල් සංගමය නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහය යටතේ වාර්ෂික සංවිධානය කරන මයිලෝ කුසලාන සමස්ත ලංකා පාසල් නෙට්බෝල් තරගාවලියේ දී (2016) ළමුන් දහසකට අඩු පාසල් අතර බී කොටසේ වැඩි දක්ෂතා දැක්වීමට මාතලේ බණ්ඩාරපොළ  මහා විදුහල් කණ්ඩායම් සමත්වුහ. පසුගියදා මාතරදී පැවති මෙම තරගාවලියේ දී බණ්ඩාරපොළ මහ විදුහල් වයස අවු 16න් පහළ ශුරතාව, 14න් පහළ අනු ශුරතාව සහ 18න් පහළ තෙවැනි ස්ථානය හිමිවුහ. විදුහල මෙවර මෙම ජයග්‍රහණයන් සමග මයිලෝ කුසලාන සමස්ත ලංකා පාසල් නෙට්බෝල් තරගාවලියක දී බි කොටසේ වයස් කාණ්ඩ තුන යටතේම ජයග්‍රහණ දිනු දිවයිනේ මුල්ම පාසල බවට ද පත්විය.

2015 හා 2016 යන වසර දෙක තුලදීම බි කොටසේ වයස අවුරුදු 16න් පහළ ශුරතා බණ්ඩාරපොළ මහ විදුහලට හිමිවීමද විශේෂත්වයකි. මෙලෙස සුවිශේෂි දක්ෂතා දැක්වු විදුහල් නෙට්බෝල් පුහුණුකාරිනී විද්‍යාලයේ ක්‍රීඩා උපදේශිකා ක්‍රිෂ්ණි ජානකි සිරිවර්ධන මහත්මියයි.

(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)

වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත බලන්න

bb DSC_1563 DSC_1565 DSC_1569

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...