බණ්ඩාරවෙල විශාකා බාලිකා මහ විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - පළමු තැන ප්‍රජාපතී නිවාසයට

2025 මාර්තු මස 16 පෙ.ව. 03:31 - {{hitsCtrl.values.hits}}  

බණ්ඩාරවෙල විශාකා බාලිකා මහ විදුහලේ නිවාසාන්තර ක්‍රිඩා උත්සවය නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. පාසලේ සිසුවියන් තරග කළ ප්‍රජාපතී නිවාසය ලකුණු 363 ලබාගනිමින් ප්‍රථම ස්ථානයටත්,ලකුණු 259ක් ලබාගත් මහාමායා නිවාසය දෙවැනි ස්ථානයටත්, ලකුණු 258ක් ලබාගත් යශෝධරා නිවාසය තුන්වැනි ස්ථානයටත් පත්විය.  සංඝමිත්තා නිවාසය ලකුණු 234ක් ලබාගනිමින්  සිවුවැනි ස්ථානයට පත්විය.
සිසුවියන්ගේ නිවාස අලංකරණය,සරඹ සන්දර්ශනය ඇතුළු තවත් විශේෂාංග වලින් උත්සවය වර්ණවත් වුණි. පාසලේ විදුහල්පතිනි වයෝනි විශාකා රාජපක්ෂ මහත්මියගේ උපදෙස් මත පාසලේ ක්‍රීඩා අංශය සහ ගුරැමණ්ඩලය උත්සවය සංවිධානය කර තිබිණ.
(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...