බදුල්ල විහාරමහා දේවියට බැඩ්මින්ටන් ජයක්

2025 මාර්තු මස 16 පෙ.ව. 03:22 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ සමස්ත ලංකා කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ 11 න් පහළ බාලිකා තෙවැනි ස්ථානය දිනාගැනීමට බදුල්ල විහාරමහාදේවි බාලිකාවියෝ සමත්වූහ.
කුරැණෑගල බෝයගනේ යුද හමුදා කඳවුර ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේ දී මෙම තරග පැවැත්වුණි.
මෙම ක්‍රීඩිකාවන්ගේ බැඩ්මින්ටන් පුහුණුකරැ ලෙස චරිත් අමුගොඩආරච්චි මහතා කටයුතු කරයි.
බදුල්ල විහාරමහාදේවි බාලිකා විදුහල්පතිනි උපේන්ද්‍ර නයනකුමාර පියසේන, ක්‍රීඩාභාර ආචාරිනි මල්කාන්ති පෙරේරා යන මහත්මීන් සමග ජයග්‍රාහී විහාරමහාදේවි බාලිකාවෝ ඡායාරෑපයේ සිටිති.
(ඇල්ල ප්‍රසාද් රැක්මල්)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...