බිංගිරිය ශ්‍රී සරණංකර විදුහල් ක්‍රීඩා උලෙළේ ජය අරැණ නිවාසයට

2024 නොවැම්බර් මස 24 ප.ව. 12:11 - {{hitsCtrl.values.hits}}  

බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා තරගයේ දී වරැණ හා කිරණ නිවාස අභිබවමින් ලකුණු 736 ක් ලබාගත් &අරැණ නිවාසය* මෙවර ශුරතාව හිමි කර ගැනීමට සමත් විය.
විදුහල්පති අජිත් චන්ද්‍රකුමාර මහතාගේ ආරාධනයෙන් 306 බී 2 දිස්ත්‍රික් සිංහ සමාජයේ පරිසර කමිටු සභාපති සිංහ, ඉන්ද්‍ර කෞශල්‍ය රාජපක්ෂ හා සිංහ ජෙරාඩ් කල්දේරා මහත්වරැ විශේෂ ආරාධිතයෝ ලෙස ක්‍රීඩා උලෙළට සහභාගි වූහ.
මෙම ක්‍රීඩා උලෙළේ සියලු සැරසිලි පොලිතීන් භාවිතයෙන් තොරව සිදුකර තැබීම ආරාධිතයන් ගේ විශේෂ පැසසුමට ලක්වුණි.
මෙම තරගාවලියේ හොඳම නිවාස කුටිය ලෙසින් අරැණ නිවාසයේ කෝපි කඩය තෝරා ගැණුනි.
(බිංගිරිය නන්ද එස්. ඒකනායක)

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...