බිංගිරිය ශ්‍රී සරණංකර මැදි විදුහලට ක්‍රිකට් ශූරතාවක්

2025 මාර්තු මස 15 ප.ව. 11:00 - {{hitsCtrl.values.hits}}  

පාසල් ක්‍රිකට් ඉතිහාසයට නව පිටුවක් එකතු කරමින් වයඹ පළාතේ තවත් ජනප්‍රිය මධ්‍ය විද්‍යාල දෙකක් අතර පැවති ප්‍රථම ක්‍රිකට් තරගාවලිය බිංගිරිය මධ්‍ය විද්‍යාල ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්විය.
මෙම හරිත - සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමය සඳහා එක්වූයේ පඬුවස්නුවර එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයීය ජාතික පාසල හා බිංගිරිය ශ්‍රී සරණංකර මධ්‍ය මහා විද්‍යාලයයි.
සීමිත ඕවර මෙම ක්‍රිකට් ගැටුමේ දී බිංගිරිය සරණංකර සුලෝහිත කණ්ඩායම ඕවර 39.2 ක දී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 255 ක් ලබාගත් අතර පඬුවස්නුවර බණ්ඩාරනායක හරිත කණ්ඩායමට ඕවර 39. 3 ක දී සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 244 ක් පමණි. ඒ අනුව බිංගිරිය ශ්‍රී සරණංකර කණ්ඩායම වැඩි ලකුණු 11 ක් ලබා ගනිමින් හරිත සුලෝහිත සංග්‍රාමයේ ප්‍රථම ශූරතා කුසලානය හිමිකර ගනු ලැබීය.
මෙහිදී විශිෂ්ට පිති හරඹයක යෙදී නායකත්ව ඉණිමක් ක්‍රීඩාකළ බිංගිරිය කණ්ඩායම් නායක, දිල්ෂාන් ප්‍රදීප් කුමාර ක්‍රීඩකයා තරගාවලියේ ප්‍රථම හා එකම ශතකය වාර්තා කළේය.


(බිංගිරිය නන්ද එස්. ඒකනායක)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...