බෝපේ රාජසිංහ විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උලෙළ -ශූරතාව ගජබා නිවාසයට

2025 මාර්තු මස 16 පෙ.ව. 03:12 - {{hitsCtrl.values.hits}}  

බෝපේ රාජසිංහ මහා විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවයේ දී ලකුණු 654 ක් හිමිකරගත් ගජබා නිවාසයට ශූරතාව ද, ලකුණු 650 ක් හිමිකර ගත් පැරකුම් නිවාසයට අනුශූරතාව ද හිමිවිය.
ඔවුන්ට හිමි කුසලාන ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමදෝරැ ඩී. එන්. එස්. සී. කළුබෝවිල, මත්තේගොඩ යුධ හමුදා ඉංජිනේරැ බලකා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ප්‍රදීප් සිරිවර්ධන සහ විදුහල්පති ගාමිණී හෙට්ටිආරච්චි යන මහත්වරැ පිරිනැමීම සිදුකළහ.
තරග ඉසව්වලින් ජයග්‍රහණය ලබාගත් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ජය සංකේත පිරිනැමීම පාදුක්ක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා නෙරංජි නදීෂා කුලරත්න මහත්මිය ඇතුළු පැමිණ සිටි අනෙකුත් ආරාධිත අමුත්තෝ සිදුකළහ.
එම අවස්ථාවට හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත දේශප්‍රිය වීරසූරිය, නාවික හමුදා කොමදෝරැ ඩී. එන්. එස්. සී. කළුබෝවිල මත්තේගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ප්‍රදීප් සිරිවර්ධන, පාදුක්ක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා නෙරංජි කුලරත්න, විදුහල්පති ගාමිණී හෙට්ටිආරච්චි, සීතාවක ප්‍රාදේශීය සභාවේ ලේකම් චන්දන පද්මසිරි යන මහත්ම මහත්මීහු ද, අවට විදුහල්වල විදුහල්පතිවරැ ද, විදුහලේ ආචාර්ය මණ්ඩලය ද, හිටපු විදුහල්පතිවරැ හා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ද ආරාධිත අමුත්තෝ ද, සිසු සිසුවියෝ ද, මවුපියෝ ද ප්‍රදේශයේ ජනතාව ද විශාල පිරිසක් සහභාගී වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...