මත්තුමගල කරැණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයට සමස්ත ලංකා ජය රුසක්

2025 මාර්තු මස 16 පෙ.ව. 02:14 - {{hitsCtrl.values.hits}}  

සමස්ත ලංකා පාසල් කනිෂ්ඨ කරාතේ ශූරතා අවුරැදු 11 න් පහළ බාලිකා තරගාවලියේ දී කැලණිය අධ්‍යාපන කොට්ඨාසයේ මත්තුමගල කරැණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියෝ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය සමග දිස්ත්‍රික් ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්ව සිටිති. මෙම තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණි.
මෙහිදී අවුරුදු 11 න් පහළ බාලිකා කාතා තරගාවලියේදී ත්‍යාගි චාතුර්යා, යෙනුලි බිනාරා, තරැෂි දුල්සරා සමස්ත ලංකා ප්‍රථම ස්ථාන දිනාගත් අතර අවුරැදු 8 න් පහළ බාලිකා කාතා ඉසව්වෙන් දෙවැනි ස්ථානය දිනාගැනීමට තනුෂ්කි දිව්‍යාංජලී ක්‍රීඩිකාව සමත්විය.
ඩබ්ලිව්.ඒ මෙතුමි සන්කේත්, බී.එච්. යෙනුලි බිනාරා, ජේ.එම්. සපුනි ඉමන්දිකා, ටී.ඩී. සමාධි නදීරා, එන්.ජී. දිල්කි ඉමාෂා, ඊ,ඩබ්ලිව්.දුල්ෂරා, ටී.චාතුර්යා වීරසිංහ, හිරැනක, අභිෂ්ක, සහ බුද්වින යන සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිස්ත්‍රික් ජයග්‍රහණයන් දිනා ගත්හ. විදුහල්පති ඩී.ඒ. ප්‍රිතිමන් සන්ධ්‍යා මහතාගේ උපදෙස් පරිදි කරාතේ ක්‍රීඩා භාර ආචාර්ය කුමුදු සමරතුංග මහත්මියගේ මෙහෙයවීම මත සෙන්සේ සංජය නිශාන්ත, සහ ලක්‍ෂ්මන් සපරමාදු යන මහත්වරැ කරාතේ පුහුණු කරැවන් ලෙස කටයුතු කළහ.
 සමස්ත ලංකා ජයග්‍රාහි ක්‍රීඩිකාවන් වන ත්‍යාගි චාතුර්යා, යෙනුලි බිනාරා, තරැෂි දුල්සරා සහ තනුෂ්කි දිව්‍යාංජලී යන ක්‍රීඩිකාවෝ ඡායාරෑපයේ සිටිති.
(සුමති කුඩලිගම)            

                                          

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...