2025 මාර්තු මස 15 ප.ව. 08:58 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමය නෙස්ලේ ලංකා සමාගමේ පූර්ණ අනුග්‍රහය යටතේ වාර්ෂිකව සංවිධානය කරන මයිලෝ කුසලාන සමස්ත ලංකා පාසල් නෙට්බෝල් තරගාවලියේදී ළමයින් දහසකට අඩු පාසල් අතර බී කොටසේ 19න් පහළ ශුරතාව සහ 17න් පහළ අනුශුරතාව දිනාගනිමින් මෙවර බී කොටසේ වැඩි දක්ෂතා දැක්වීමට මාතලේ බණ්ඩාරපොළ මහ විදුහල සමත්විය.
බණ්ඩාරපොළ මහ විදුහලේ නෙට්බෝල් පුහුණුකාරිනිය වශයෙන් එම විද්‍යාලයීය ක්‍රීඩා උපදේශිකා ක්‍රීෂ්ණි සිරිවර්ධන මහත්මිය කටයුතු කරයි.
![]() |
diary Read more... |