මයිලෝ කුසලාන සමස්ත ලංකා පාසල් නෙට්බෝල් තරගාවලිය අවුරැදු 13න් පහළ ශූරතාව මහනුවර හිල්වුඩ් බාලිකා විදුහ

2025 මාර්තු මස 15 ප.ව. 02:18 - {{hitsCtrl.values.hits}}  

මයිලෝ කුසලාන සමස්ත ලංකා පාසල් නෙට්බෝල් තරගාවලියේ මුල් වටයේ මහනුවර මධ්‍යස්ථාන තරගාවලියේදී මෙවර විවෘත කාණ්ඩය යටතේ පැවති වයස අවු 13න් පහළ තරගාවලියේදී ශූරතාව දිනා ගැනීමට මහනුවර හිල්වුඩ් බාලිකා විදුහල සමත් විය. 
අවසන් මහා තරගයේදී ලකුණු 4-2න් මහනුවර මහාමායා බාලිකා විදුහල පැරදවීමට හිල්වුඩ් පිල සමත්විය. මෙම අවසන් තරගය ලසන්ති ජයවික්‍රම සහ ශෂිනි පෙරේරා යන මහත්මීහු විනිශ්චය කළහ. කණ්ඩායම් 18ක සහභාගීත්වයෙන් මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල් ක්‍රීඩාංගණ‍යේදී පැවති මෙම තරගාවලිය ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමයේ උපදෙස් මත මහනුවර අධ්‍යාපන කලාපයේ ක්‍රීඩාගුරැ උපදේශිකා අරැණි හේමකුමාරි මහත්මිය විසින් සංවිධානය කරන ලදී. ශූරතාව හා අනුශූරතාව දිනූ කණ්ඩායම් දෙකට අමතරව මහනුවර පුෂ්පදාන බා.වි, උසස් බා.වි, බදුර්දීන් බා.වි සහ යහපත් එඩේරාගේ කන්‍යාරාමය යන පාසල් සමස්ත ලංකා තරගයට සුදුසුකම් ලැබූහ.


(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...