2025 මාර්තු මස 15 ප.ව. 02:09 - {{hitsCtrl.values.hits}}
බස්නාහිර පළාත් පාසල් ප්‍රාථමික ක්‍රීඩා තරගාවලිය හොරණ කලාපයේ සමස්; ශූරතාව දිනාගැනීමට බුලත්සිංහල මහගම ප්‍රාථමික විදුහලට හැකිව තිබේ. හොරණ රාජකීය ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී මෙම තරගාවලිය පැවති අතර එහිදී විද්‍යාලය වෙනුවෙන් ඉදිරිපත්වූ හතර ශ්‍රේණිය බාලක ප්‍රථම ස්ථානයත් බාලිකා ප්‍රථම ස්ථානයත් පහ ශ්‍රේණිය බාලක ප්‍රථම ස්ථානයත්, බාලිකා ප්‍රථම ස්ථානයත්, තුන ශ්‍රේණිය බාලක දෙවන ස්ථානයත්, බාලිකා දෙවන ස්ථානයත්, ලබා ගනිමින් තරගාවලිය පුරා ඉතා විශිෂ්ඨ ලෙස දස්කම් දැක්විය.
(සුමති කුඩලිගම)
![]() |
diary Read more... |