මිතුරැ සංග්‍රාම මංගල එක්දින ක්‍රිකට් තරගය - මත්තුමගල කරැණාරත්න බෞද්ධ විද්‍යාලයට ජය

2025 මාර්තු මස 16 පෙ.ව. 03:24 - {{hitsCtrl.values.hits}}  

මත්තුමගල කරැණාරත්න බෞද්ධ මහා විද්‍යාලය හා ගම්පහ තක්ෂිලා විදුහල අතර පැවති &මිතුරැ සංග්‍රාම* මංගල එක්දින ක්‍රිකට් තරගය කඩුළු 05 කින් ජය ගැනීමට මත්තුමගල කරැණාරත්න බෞද්ධ විදුහල් කණ්ඩායම සමත් විය.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගම්පහ තක්ෂිලා විදුහල් ක්‍රීඩකයෝ සියලු දෙනා දැවී ලකුණු 79 ක් ලබා ගත්හ.
හොඳම පිතිකරැ ගම්පහ තක්ෂිලා විදුහලේ හසිත් සංදීප, හොඳම පන්දු යවන්නා මත්තුමගල කරැණාරත්න බෞද්ධ මහා විද්‍යාලයේ අභිෂේක විමුක්තිද, හොඳම පන්දු යවන්නා ලෙස ගම්පහ තක්ෂිලා විදුහලේ පුෂ්පික කෞෂල්‍යද තේරී පත්වූහ. තරගයේ වීරයා වූයේ මත්තුමගල කරැණාරත්න බෞද්ධ මහා විද්‍යාලයේ උමේද මධුෂාන් ක්‍රීඩකයායි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ධම්මික ප්‍රසාද් මහතාගේ සහභාගීත්වයෙන් මත්තුමගල කරැණාරත්න බෞද්ධ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලක්ෂාන් සඳකැළුම් මහතාගේ පූර්ණ අනුග්‍රහය යටතේ මෙම තරගය පැවැත්වුණි.
(වත්තල සරත් චින්තක)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...