මුරලි කුසලාන සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය ජය - සීනිගම ගුණ ජය සතුට ක්‍රිකට් පාසලට

2025 මාර්තු මස 16 පෙ.ව. 08:51 - {{hitsCtrl.values.hits}}  

වයස 15 න් පහළ මුරලි කුසලාන අන්තර් ක්‍රිකට් පුහුණු පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සීනිගම ගුණ ජය සතුට පදනම් ක්‍රිකට් පුහුණු පාසල විසින් දිනාගන්නා ලදී.
තරගාවලියේ අනුශූරතාව කොට්ටාව ධර්මපාල ක්‍රිකට් පුහුණු පාසලට හිමිවිය.
මේ තරගාවලියේ සිදුවූ සුවිශේෂීම දෙය වූයේ කොට්ටාව ධර්මපාල ක්‍රිකට් පුහුණු පාසල සමග සීනිගම ගුණජය සතුට පදනම් ක්‍රිකට් පුහුණු පාසල අතර පැවැති අවසන් මහා තරගයෙන් ගුණජය සතුට පදනම් ක්‍රිකට් පුහුණු පාසලේ නවිදු පැහැසර එක ඕවරයකට (පන්දුවක් සහිත) හයේ පහර හතක් ගැසීමය . එය ශ්‍රී ලංකා වාර්තාවක් ලෙසද සැලකේ.
තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරිතම දඟපන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන් මහතාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව ශ්‍රී සුමංගල විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීය.
(කරන්දෙනිය - එම්. සුසිල් ප්‍රියන්ත)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...