සුනිල සංග්‍රාම ක්‍රිකට් තරගයේ ජය අම්බලන්ගොඩ ධර්මාශෝකයට - තරගයේ වීරයා නිමේෂ් මෙන්ඩිස් දක්ෂතම පන්දු

2025 මාර්තු මස 15 ප.ව. 11:03 - {{hitsCtrl.values.hits}}  

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා දේවානන්ද  විද්‍යාලය අතර පැවති 51 වැනි සුනිල සංග්‍රාම  ක්‍රිකට් තරගයෙන් කඩලු 6 ක පහසු  ජයක් ධර්මාශෝක විද්‍යාලය  විසින් දිනා ගන්නා ලදී .
ගෙවීගිය අඩසියවසක සුනිල සංග්‍රාම ක්‍රිකට් වංශ කතාවේ මේ  ධර්මාශෝක විද්‍යාලය විසින් දේවානන්ද විද්‍යාලයෙන් උදුරාගත්  11 වැනි  ජයයි. මීට වසර පහකට පෙර එනම් 2013 වසරේදී ධර්මාශෝක විද්‍යාලය විසින්  සිය 10 වැනි  ජය වාර්තා  කරන ලදී. මේ සුනිල  සංග්‍රාම වංශ  කතාවේ මේ වනවිටත් දේවානන්ද විද්‍යාලයට හිමිකර  ගැනීමට හැකියාව ලැබුෙණ් එකම එක ජයකි. ඒ ද  1963 දීය. තරග 39ක්ම ජය පරාජයෙන්  තොරව නිමාවට පත්ව තිබේ.
කඩුල්ල පිටුපස  සිට දක්ෂ අයුරින් උඩ පන්දු තුනක්  රුකගත් දේවානන්ද විද්‍යාලයේ  උප නායක සොහාන් ද  ලිවේරා තරගයේ දක්ෂතම පන්දු  රකින්නා ලෙසද ඉනිම දෙකේදීම ලකුණු 28 කට ප්‍රතිවාදී කඩලු 6 ක් බිඳ හෙලු ධර්මාශෝක විද්‍යාලයේ  ලොහාන් ද සොයිසා දක්ෂතම පන්දු යවන්නා ලෙස ද  පළමු ඉනිමේදී දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් ලකුණු 57 ක් ලබාගෙන තරගයේ වැඩිම ලකුණු ලාභියාවූ  ධර්මාශෝක විද්‍යාලයේම කවිදු නදීශාන් තරගයේ දක්ෂතම පිතිකරැ  ලෙස ද  පළමු ඉනිමේදී පන්දුවට පහර දෙමින් ලකුණු 54ක් ද පන්දු යවමින් දෙවැනි ඉනිමේදී  ලකුණු 27 කට කඩුලු 4 ක් බිද හෙලු  ධර්මාශෝක විද්‍යාලයේ නායක නිමේෂ් මෙන්ඩිස් තරගයේ වීරයා ලෙස ද සම්මාන දිනා ගත්හ.


( කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...