2025 මාර්තු මස 15 ප.ව. 02:12 - {{hitsCtrl.values.hits}}
2019 ජාතික පාසල් ක්‍රීඩා උලෙළේ දකුණු පළාත් ඇරොබික් ජිම්නාස්ටික් සමස්ත බාලක ශූරතාව දිනාගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයීය ජිම්නාස්ටික් කණ්ඩායම සමත්විය. ඔවුන් මෙම දස්කම දැක්වූයේ රන් පදක්කම් 20ක්, රිදී පදක්කම් 14ක් හා ලෝකඩ පදක්කම් 08 ක් සහිතව සමස්ත පදක්කම් 42ක් දිනා ගනිමිනි. පසුගියදා(25) ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේදී මෙම තරගාවලිය පැවැත්වුණි.
මහින්ද විද්‍යාලයීය ජිම්නාස්ටික් කණ්ඩායමේ පුහුණුකරැවන් ලෙස අසන්ත කරැණානායක, දිනිඳු චානක සහ අජිත් වනිගසිංහ මහත්වරැන් කටයුතු කරන අතර භාර ආචාර්යවරයා වශයෙන් භද්‍රා සේනානායක මහත්මිය සහ බී.ජයන්ත මහතා කටයුතු කරති.
(ගාල්ල සිරංගිකා ලොකුකරවිට)
අවුරැදු 12න් පහළ කේවල තරගය - ප්‍රථම ස්ථානය - උවිඳු චිරාත් , දෙවැනි ස්ථානය - සෙනිත් දින්සර , ත්‍රිත්ව තරගය - ප්‍රථම ස්ථානය - ඒ කණ්ඩායම , දෙවැනි ස්ථානය - බී කණ්ඩායම , කණ්ඩායම් තරගය - ප්‍රථම ස්ථානය - ඒ කණ්ඩායම
අවුරැදු 14න් පහළ , කේවළ තරගය - ප්‍රථම ස්ථානය - නිරාෂ් චමත්ත , තෙවැනි ස්ථානය - කමරැ දුලාන් , ත්‍රිත්ව තරගය - ප්‍රථම ස්ථානය - ඒ කණ්ඩායම , තෙවැනි ස්ථානය - බී කණ්ඩායම , කණ්ඩායම් තරගය - ප්‍රථම ස්ථානය - ඒ කණ්ඩායම , දෙවැනි ස්ථානය - බී කණ්ඩායම
අවුරැදු 16න් පහළ , කේවළ තරගය - තෙවැනි ස්ථානය - එස්.ඒ.ගොඩකන්ද , ත්‍රිත්ව තරගය - තෙවැනි ස්ථානය - ඒ කණ්ඩායම කණ්ඩායම් තරගය - දෙවැනි ස්ථානය - ඒ කණ්ඩායම
![]() |
diary Read more... |