දකුණු පළාත් ජිම්නාස්ටික් ශූරතාවලිය - ගාල්ල මහින්දයට රන් පදක්කම් පහක්

2024 දෙසැම්බර් මස 21 ප.ව. 10:28 - {{hitsCtrl.values.hits}}  

වැලිගම සිද්ධාර්ථ විදුහලේ පැවති දකුණු පළාත් ජිම්නාස්ටික් ශූරතා තරගාවලිය සඳහා ගාල්ල මහින්ද විද්‍යාලය නියෝජනය කරමින් සහභාගී වූ සිසුහු ජ්‍යෙෂ්ඨ අංශයෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූහ. ඔවුන්ට රන් පදක්කම් පහක් රිදී පදක්කම් එකක් සහ ලෝකඩ පදක්කම් අටක් හිමිවිය.
අවුරැදු 08න් පහළ වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මහින්ද විදුහලේ සේජ සියත් සහ අවුරැදු 10න් පහළ දක්ෂතම ක්‍රීඩකයා  වශයෙන් මහින්ද විදුහලේ ලකිඳු නෙත්සර සම්මාන හිමිකර ගත්හ. බාලිකා ජ්‍යෙෂ්ඨ අංශයේ අවුරැදු අටෙන් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගාල්ල සිරිධම්ම විදුහලේ ධනාත්මා හසින්දි ද  අවුරැදු 10න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලේ සසඳි කරැණාසේන ද සම්මාන හිමිකර ගත්හ.
ජිම්නාස්ටික් කණ්ඩායමේ පුහුණුකරැවෝ ලෙස අසන්ත සංජීව කරැණානායක, දිනිඳු චානක සහ අජිත් වනිගසිංහ මහත්වරැද කටයුතු කළහ.
මෙම තරගාවලිය මාතර දිස්ත්‍රික් ජිම්නාස්ටික් සංගමය විසින් සංවිධානය කරනු ලැබ තිබිණි.


(ගාල්ල සිරංගිකා ලොකුකරවිට)

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...